BREAKING NEWSEXCLUSIVE
එජාප – ජවිපෙ ඩීල් එජාපයම හෙළිකරයි, කරූ ආවා නම් ජවිපෙ සහය එජාපයටලු

පසුගිය ජනපතිවරණයට එජාප අපේක්ෂකයා ලෙස කථානායක කරූ ජයසූරිය ඉදිරිපත් වූවා නම් ජනතා විමුක්ති පෙරමුණේ සහය එජාපයට ලබා දීමේ එකඟතාවයක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ පවසනවා.
එජාපයෙන් ජනපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ නිසා ජවිපෙ සහය අහිමි වූ බවයි.
පසුගියදා පැවැති රූපවාහිනි සංවාද වැඩසටහනකට පැමිණ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
එම රූපවාහිනි සංවාදයට පැමිණ සිටි එජාපයේම පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර එම ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරනු අයුරුත් දැක ගත හැකි විය.