BREAKING NEWSEXCLUSIVE

මීළග එජාප රජයේ පරිසර ඇමති – වන අඩවි නිළධාරිනි දේවානි ජයතිලකට එජාපය ඇරයුම් කිරීමට යයි

මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතින, වන අඩවි නිළධාරිනි දේවානි ජයතිලකට ඉදිරි මැතිවරණය සදහා සිය පක්ෂයෙන් තරග කිරීම සදහා ඇරයුම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ දිනවල පවතින දැඩි පරිසර හිතකාමී සමාජ රැල්ල අනුව දේවානි ජයතිලක එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම දැඩි  ලෙස වාසි සහගත බවත්, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේදි මීළග එජාප රජයේ පරිසර අමාත්‍යධූරය ඇයට ලබා දෙන බවට ප්‍රකාශ කිරීමටත් සාකච්ඡා වී තිබේ.

මේ සාකච්ඡාව සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ මන්ත්‍රී කණ්ඩායම අතර බවත් වාර්තා වේ.

මෙතෙක් ඔවුන් දේවානි ජයතිලකගෙන් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරනා සමගි ජාතික බලවේගය පක්ෂයේ ප්‍රබලයෙකු ඇය සමග සාකච්ඡා කිරීමට යෙදවීමට තීරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button