BREAKING NEWSEXCLUSIVE
අර්බුද වලට විසඳුම් සොයන්න ජාතික ප්රතිපත්තියක් ඉල්ලමින් එජාපය සත්යග්රහයක

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන සත්යග්රහය අද පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියේ දි පැවැත්වීමට නියමිතයි.
රට වැටී තිබෙන ප්රපාතයෙන් ගොඩ ගැනීම සඳහා සියලුදෙනා එකමුතු වේවා යන ප්රාර්ථනයෙන් මෙම සත්යග්රහය පවත්වන බවයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කළේ.
පක්ෂ භේදයකින් තොරව සුදු ඇඳුමින් සැරසී මීට සහභාගී වන ලෙස සියලු පාර්ශව වෙත විවෘත ආරාධනයක් සිදුකර ඇති බව ද ඔහු සදහන් කර සිටියා.
එක්සත් ජාතික පක්ෂ හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ පවතින අර්බුද වලට විසඳුම් සෙවීම සඳහා ජාතික ප්රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින් මෙම සත්යග්රහය සංවිධානය කර ඇති බවය.