තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන් – එජාපය දෙකඩ වේ, රනිල් අලියාගෙන් – සජිත් දුරකතනයෙන්

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීරණය කිරීම සඳහා ඊයේ දින පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය උණුසුම් ස්වභාවයක් ගෙන ඇත.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නියෝජනය කරනා කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය විසින් තීන්දු කර ඇත්තේ අලියා ලකුණ යටතේ එළඹෙන මහමැතිවරණයට තරඟ කිරීමටයි.
නමුත් සජිත් ප්‍රේමදාසට හිතවාදී කණ්ඩායම පවසා ඇත්තේ නව සන්ධානයක් බැවින් තරග කළ යුත්තේ දුරකථනය ලකුණ යටතේ බවයි.
නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශවය අලියා ලකුණ දැඩිව ඉල්ලා සිටීම යටතේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තිබේ. මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය වෙනම තරග කිරීමට තීන්දුකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
නව සන්ධානය සදහා හංසයා ලකුණ ලබාදීම සඳහා එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රවි කරුණානායක මහතාගේ පාර්ශ්වය දැඩි කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් එම පාර්ශවය ඉදිරි මහමැතිවරණයට දුරකථනය ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.