BREAKING NEWSEXCLUSIVE

සජිත්ගේ හැසිරීම හේතුවෙන් පක්ෂයට සිදු වන හානිය එජාප නායකත්වයේ අවදානයට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා එම පක්ෂයේ ඇතැම් සාමාජිකයන් මැතිවරණ වේදිකාවේ සිදුකරන ප්‍රකාශ නිසා එජාප ප්‍රමුඛ නායකයන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ වේදිකාවේ සිදු කරනා විහිලු සහගත ප්‍රකාශයන් පක්ෂයට විශාල හානියක් සිදු වන බවට පක්ෂ නායකත්වයේ අවදානයට යොමුව තිබේ.

ආසන්නතම සිදුවීම ලෙස වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරටා මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය බදාදා ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියත් සමග එජාපය තුල අර්බුධය උග්‍ර වී තිබේ.

මීළඟ ආණ්ඩුවේ අගමැතිවරයා, බැඳුම්කර වංචාකරුවන්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අය එම ආණ්ඩුවට සම්බන්ධ කරගන්නේද? අධිවේගී මාර්ග හොරු පත්කරන්නේද, අන්තවාදයට සහාය පළකරන අය ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වීම ආදී ප්‍රශ්න රාශියක් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසින් ඉදිරිපත් කර ඇත.

මේ අතර පසුගියදා ලග්ගල පැවති ජන රැලියට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහට පාක්ෂිකයකු විසින් හූ කීම කෙරෙහිද නායකත්වය අවධානය යොමුකර තිබේ.

තවද පසුගිය රජය සමයේ දූෂණ චෝදනා එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධන, මර්වින් සිල්වා සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ වේදිකාවට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට පැමිණිලි කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button