BREAKING NEWSEXCLUSIVE

සරසවි නවකවදයේදි සිසුවියන්ගෙන් නිරුවත් වීඩියෝ ඉල්ලලා – සාක්ෂි මෙන්න!

විශ්වවිද්‍යාල නවකවදයේදි සිදුවන ලිංගික නවකවද කටයුතු පිළිබඳ බොහෝ තොරතුරු පසුගිය සමයේ වාර්තා වුනා.

එවැනි සිදුවීමක් යාපනය විශ්වවිද්‍යාලයෙන්ද වාර්තා වේ. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට ජ්‍යේෂ්ඨ පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්ව විද්‍යාල බළධාරීන් පවසනවා.

විශ්වවිද්‍යාලයේ නවකවද අංගයක් ලෙසට නවක සිසුවියන්ට නාන කාමර හා වැසිකිළි වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට ජ්‍යේෂ්ඨ සිසුන් බලපෑම් කර තිබේ.

සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරියද විශ්වවිද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබුණා.

කිලිනොච්චිය මණ්ඩපය වෙත පැමිණි නවක සිසුවියන් පිරිසක් වෙත නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්වවිද්‍යාලය වෙත පැමිනීමේදී දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කොට ඇති බව විශ්ව විද්‍යාල සිසුහූ පවසනවා.

නවකවදය ලබාදුන් සිසුන්ගේ ජායාරූප හා නාන කාමර වෙත ගොස් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට ඉල්ලීම් කළ පණිඩිඩව පහත දැක්වෙනවා.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button