BREAKING NEWSEXCLUSIVE
“අළුයම 2ට විතර වගේ, අපි නිදාගෙන හිටියේ. එකපාරටම විශාල ශබ්දයක් ඇහුනා” – චමුදිත සමරවික්‍රම

ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යවේදියෙකු සහ යූටියුබ් නාලිකා හිමිකරුවකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
පිළියන්දල, කේම්බ්‍රිජ් කෝට් හි පිහිටි චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අළුයම සුදු වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගේ පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.
නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර ඇති මෙම මැර පිරිස එහි ප්‍රධාන ගේට්ටුව විවෘත කරගෙන අදාළ නිවසට පැමිණ ඇති අතර ගල් මුල් සහ අශූචි ප්‍රහාරයක් නිවසට එල්ල කර ඇති බව සඳහන්.
එමෙන්ම වෙඩි ශබ්ද කිහිපයක් ද තමන්ට ඇසුණු බව චමුදිත සමරවික්‍රම මහතා පවසයි.
ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති අතර මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.