BREAKING NEWSEXCLUSIVE
ලක් රජයට යුනිසෙෆ් වෙතින් පැසසුම්..

එළඹෙන 21 වන දින සිට පාසල් ප්‍රාථමික අංශ නැවත ආරම්භ කිරීමට ලක් රජය ගත් තීරණයට යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රසාදය පළ කර තිබෙනවා.
දිවයින පුරා සියලු පාසල් ආරක්ෂිතව නැවත ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි එම සංවිධානය මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
සමාජය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා පාසල් ඉවහල් නොවන බවට ගෝලීය සාක්ෂි අඛණ්ඩව පෙන්නුම් කරන බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.
සංචරණ සීමා සමය තුළ දුරස්ථ ඉගෙනුම් ක්‍රම මගින් අඛණ්ඩ අධ්‍යාපනයක් සැපයීමට ලක් රජය උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් අන්තර්ජාල සම්බන්ධතා, ලැප්ටොප්, ජංගම දුරකථන වැනි අත්‍යවශ්‍ය පුළුල් යටිතල පහසුකම් අවම වීම හමුවේ එම අරමුණු මුලුමනින්ම ඉටු කර ගැනීමට හැකිවී නොමැති බවයි යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වුනේ.