BREAKING NEWSEXCLUSIVE

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එජාපය සමග හවුල් ආණ්ඩුවකට TNA සුදානම් – TNA වෙතින් විශේෂ නිවේදනයක්

ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

TNA පක්ෂයේ නිල මතය ප්‍රකාශ කිරීමට යාපනයේ කයිට්ස් දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකින් පසුව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පෙරමුණට මහ මැතිවරණයේදී හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාවට අනුව ඔවුන් සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය එක් වීමට කැමැත්තෙන් සිටිනා බව මෙහිදී ප්‍රකාශ වුනා.

මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113 සකසා ගැනීම සඳහා එජාපයට සහය ලබා දෙන බව දෙමළ සන්ධානය නිල වශයෙන් ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පෙරමුණට සහය ලබා දී පිහිටුවනු ලබන හවුල් රජය සමග එකතු වී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලය බෙදා හැරීමේ යෝජනාවලියට එහා ගිය ක්‍රමවේදයක් ඔස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලය බෙදා හැරෙන ක්‍රමයක් සකස් කරන බවද කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button