BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන මානවහිමිකම් කඩවීම් සොයන්න – ශ්‍රී ලංකාව තුල UN කාර්යාලයක් අරින්න යයි.

මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකාව තුළ කාර්යාලයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තීන්දු කර ඇති බව වාර්තා වනවා.

රටේ එක්තරා ප්‍රසිද්ධ පුවත්පත්  වාර්තාවක් උපුටා දක්වමින් සදහන්ව ඇත්තේ, මේ වන විට එම චෝදනා විමර්ශනය කිරීම සඳහා අලුතින් කාර්යාලයක් විවෘත කිරීමටත්, ඒ සඳහා නියෝජිතයන් බඳවා ගැනීමටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව එහි කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමටත්, යම් හෙයකින් ඊට ශ්‍රී ලංකා රජය විරෝධය පළ කළහොත් එම කාර්යාලය ඉන්දියාවේ විවෘත කිරීමටත්, එහි සිට අදාළ චෝදනා විමර්ශනය කිරීමටත් ජිනීවා බලධාරීන් තීන්දු කොට ඇති බව වාර්තා වන බව එහි සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button