BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනීවාහි කාර්යාලයක් අරඹන්න UN මුදල් වෙන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබූ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ස්ථාපිත කරනු ලැබූ නව කාර්යාලය සඳහා අරමුදල් වෙන්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.

ඉකුත් මාර්තු මාසයේදී පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා නව කාර්යාලයක් විවෘත කළ යුතු බවට යෝජනාවක් සම්මත කෙරුණු අතර, ඒ සඳහා අරමුදල් සපයන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර තිබුනා.

මෙම කාර්යාලයට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘ෆිෆ්ත් කමිටි’ හෙවත් පස්වැනි කමිටුව මගිනි.

ලංකාවට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා ෆිෆ්ත් කමිටුව මගින් අදාළ මුදලින් 60%ක මුදලක් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට මෙම නව කාර්යාලය කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button