BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWSWEST

රුසියා ජනපතිට සාකච්ඡාවකට එන ලෙසට යුක්‍රේන ජනපතිගෙන් ආයාචනයක්..!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ මුහුණට මුහුණ හමුවක් පැවැත්වීට අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

යුක්‍රේන – රුසියානු අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම එය බව ඔහු පවසනවා.

” රුසියානු හමුදාවනි කරුණාකර මෙය නවතා අපේ භූමියෙන් වහා ඉවත්වෙන්න. රුසියානු ජනපති පුටින් මහත්මානෙනි මාත් සමඟ සාකච්ඡාවකට එන්න.මම ඒකට සූදානම්. ඔබ මැක්‍රොන් සහ අනෙක් නායකයින් සමග සාකච්ඡා පැවැත්වූ ආකාරයට මීටර් 30ක් දුරකින් සිට නොවෙයි. මම ඔබේ අසල්වැසියා. අපිට මීටර් 30ක දුරකින් සිටින්න අවශ්‍ය නැහැ. මම ඔබව සපාකන්නේ නැහැ. මම සාමාන්‍ය මනුස්සයෙක්. මාත් එක්ක ඉඳගෙන සාකච්ඡා කරන්න ඔබ බය ඇයි?”

දින කිහිපයකට පෙර හැකි නම් සටන්කර අල්ලා ගන්නා ලෙස පැවසූ යූක්‍රේන ජනපති දැන් මෙසේ කීම යුධ විශ්ලේෂකයින් ඉතා හාස්‍යට භාජනය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button