BREAKING NEWSEXCLUSIVE
උදයංග වීරතුංග ශ්රී ලංකාවට – සී.අයි.ඩී අත්අඩංගුවට පත්වේ

2015 එක්සත් ජාතික පක්ෂ රජයට පෙර පැවති ආණ්ඩු සමයේ රුසියාවේ හිටපු ලංකා තානාපතිවරයා වන උදයංග වීරතුංග මහතා ශ්රී ලංකාවට පැමිණ තිබේ.
අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාගෙන් ප්රකාශයක් සටහන් කරගනියි.
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය රජය විසින් වරෙන්තුවක් පවා නිකුත් කර තිබිනි.