BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපතිගෙන් තවත් ගැසට් නිවේදන දෙකක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය ශීර්ෂය යටතේ වන සුවිශේෂ ප්‍රමුඛතාවලට අදාළ ආයතනික හා නෛතික රාමුවේ සංශෝධනයක් සිදුකරමින්.

අමාත්‍යාංශයට අයත් ආයතන සහ ඊට අදාළ නෛතික රාමුවේ සං‍ශෝධනද ඊට අයත්.

මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහායි මෙම සුවිශේෂ ප්‍රමුඛතා ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂය සහ ඒ යටතේ වන කාර්යයන් ප්‍රමුඛතා ආයතනික සහ නෛතික රාමුවට සිදුකල සංශෝධන කිහිපයක්ද අදාළ ගැසට් නිවේදනයට අන්තර්ගතයි.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල පුලුල් කරමින් ජනාධිපතිවරයා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්ය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයා සිය බලතල අනුව එම අතිරේක බලතල පවරා දී තිබෙනවා.

මෙම කොමිසම පත්කෙරුණේ ඊට පෙර ක්‍රියාත්මක වූ විශේෂ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමටයි.

මුල් කොමිෂන් වාර්තාවේ කරුණු මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග එමගින් නිර්දේශ කළ යුතු වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button