BREAKING NEWSEXCLUSIVE

සහරාන් හෂීම්ගේ තවත් සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ස්වයං ඝාතක සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.ඒ,කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවලදී..

එම අත්අඩංගුවට පත් දෙදෙනා අතර කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයාද වන බවයි පොලීසිය පවසන්නේ.  ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ 2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට පත් අනෙක් තැනැත්තා වන්නේ මඩකලපුව බන්ධනාගාර ගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකි. ඔහුට එල්ල වී ඇති  චෝදනා වන්නේ අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමයි.

මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button