වඳ වී යන කස මෝරුන් මැරූ දෙදෙනෙකුට දඬුවම්

ජලජ සම්පත් පනතින් මැරීම තහනම් කර ඇති, වදවී යන මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගෙන තිබෙනා කස මෝරුන් දෙදෙනකුව අල්ලාගෙන මස් කර අලෙවි කිරීමට සුදානම් වූ පුද්ගලයන් 06 දෙනකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක් වන ශරීර ඇපමත මුදාහරින ලෙස හලාවත මහෙස්ත්රාත්වයා විසින් නියම කර ඇත.
මහෙස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට නියම කර ඇත්තේ හලාවත – රිදීවැල්ල අවට පදිංචිකරුවන් 06 දෙනෙකි. ගැඹුරු මුහුදේදී අල්ලා ගෙන ඇති බව කියන කස මෝරුන් දෙදෙනා බෝට්ටු දෙකකින් ගොඩබිමට රැගෙන එන විට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත අනු ඛණ්ඩයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
කස මෝරා, පොල්කොළ මෝරා සහ මිණිමුතු මෝරා ඇල්ලීම, ප්‍රවාහනය සහ ළඟ තබා ගැනීම ධීවර හා ජලජ සම්පත් පනත අනුව තහනම් වේ. මෙම සතුන් වදවී යන සතුන් ලෙස හඳුනා ගෙන තිබීම ඊට හේතුවයි.