ARTICLESEXCLUSIVESOCIAL MEDIA PICKSVIRAL NEWS

විජයග්‍රහණයට දොලොස් වසරයි – මේ ඒ වීර කතාවේ මතකයයි.

” Sri Lanka declares end to war with Tamil Tigers “

හරියටම 2009 වසරේ මැයි 18 වනදා උදෑසන බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත්පතේ පලවූ ප්‍රවෘත්තියක්.

2001දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය හා LTTE ත්‍රස්ත සංවිධානය අතර 2002 පෙබරිවාරි මස අත්සන්කළ සටන් විරාම ගිවිසුමත් එක්ක යුද්ධයට වසර හතර හමාරක පමන කාලයකට විවේකයක් ආරම්භ වෙනවා.සාමකාලයක් වුනාට, ඒක යුද හමුදා සේනාංක හා රණවිරුවන්ට උතුරේ මෙන්ම නැගෙනහිරදී අපහාස උපහාස මැදකටුක අත්දැකීම් වලට මුහුන දෙන්න සිදු වුන කාලයක්.2002 ජනවාරි මාසෙ සිදුවුන යුද හමුදා ඉතිහාසයේදරුණුතමය හමුදාමය පාවාදීම වුන මිලේනියම් සිටි  බුද්ධි අංශ පාවාදීම හරහා ලාංකීය බුද්ධි ජාලයසම්පූර්ණයෙන්ම වෙනකොට බිද වැටෙනවා.නව රජයක්,නව ජනාධිපතිවරයෙක්,ආරක්ෂක ලේකම් වරයෙක් පත්වෙන්න මේ අතරතුර. එක්කම 2005 දෙසැම්බර් 12 වෙනිදා,තවත් දින 16කින් විශ්‍රාම යන්න හිටපු මේජර් ජෙනරල්සරත් ෆොන්සේකා මහතාව සේවා දිගුවක් සමඟ හමුදාපති ධූරයට පත් කරන්නට එවකට රජය කටයුතුකරන්නේ,යුද්ධයට ගැලපෙනම කෙනා එතුමා කියලා හදුනාගත් නිසා වෙන්න ඇති.සටන් විරාම ගිවිසුමද වරින් වරකඩ කළ LTTE සංවිධානය,2006 ජූලි 21 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාවිල්ආරු ජල සොරොව්ව වසාදමමින් අස්වනු පැසීගෙන එන කාළය තුළ ගොවි ජනතාව 50000කට අධික ප්‍රමානයකගේ කුඹුරු අක්කර 30000ක්පමන  විනාශවී යන තත්වයට පත් කරමින් හතරවන ඊළාම් යුද්ධය සඳහා මාර්ගය සකසනවා.අවට ගම් වලමිනිස්සුත් එකතු කරගෙන, මේකට විසදුමක් ඉක්මනින් හම්බුනේ නැති නම් රතන හාමුදුරුවෝ මාවිල් ආරුවලටවඩින්න සූදානම් වෙනවා කියලා සෘජු තීරණයකට එළබෙන්නේ මේ අවස්ථාවේ.

මාවිල්ආරු සොරොව්ව වහන්න කළින්  යුද හමුදා නායකත්වය දුර්වල කිරීම උදෙසා එල්ටීටිය 2006 අප්‍රේල් මාසේ 25 වනදා එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකරනවා,එයින් යුද හමුදාපතිවරයා බරපතල තුවාල ලබනවා. නායකත්වය තවදුරටත් දුර්වල කිරීමට හිතන එල්ටීටීඊසංවිධානය අවුරුද්දෙම ජුනි මාසෙ 26 වැනි දා එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවැනියා වූ නියෝජ්‍ය මාණ්‌ඩලිකප්‍රධානී මේජර් ජෙනරාල් පාරමී කුලතුංගට පන්නිපිටියේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරනුලබනවා.

2006 ජූලි 26 වෙනිදා මාවිල් ආරු මුදාගැනීමේ මෙහෙයුම ආරම්භයත් එක්ක හතරවෙනි ඊලාම් යුද්ධය ආරම්භවෙනවා.මූලික ගොඩබිම් සටන් වල ආරම්භය ඒක කියලා කිය වුනත් රජයෙන් හමුදාවන්ට යුද්ධයට කොළ එළිදල්වමින්, පුනරීන් වල තෝරාගත් ත්‍රස්තවාදී මරමස්ථාන වලට ගුවන් ප්‍රහාර එල්ල කරන්න නියෝග කරන්නේහමුදාපතිවරයාට බෝම්භ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 25 රාත්‍රියේම.විවිද බටහිර අතපෙවීම් වලට එවකට දේශපාලනඅධිකාරිය නොබියව මුහුන දෙද්දි, සතුරු බළකොටු එකින් එක බිදදාගෙන ඉස්සරහට යන වීරෝධාර හමුදාවප්‍රභාකරන්ගේ සියළු සිහින බොඳ කරමින් දරුණු සටන් මැදින් රණවිරුවන් 6291ක් ජීවිත පුජා කරමින් 29551ක්රණවිරුවන් ආබාධිත වෙමින්, 4 වෙනි ඊලාම් යුද්ධයේ විජයග්‍රහණය සනිටුහන් කලේ මෙලෙසින්..

වසර : 2006

ජූලි 26 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය

අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්රස්ත ප්රහාරය මැඩපැවැත්වීම

අගෝ 10 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම

අගෝ 28 සාම්පූර් ප්රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය

සැප් 04 සාම්පූර් ප්රදේශය මුදා ගැනීම

දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

වසර : 2007

ජන 19 වාකරේ ප්රදේශයේ බලය අත්පත් කර ගැනීම

මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්රදේශය අත්පත් කර ගැනීම

අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම

අප්‍රේල් 25 තොප්පිගල මුදා ගැනීමේ සටන ආරම්භය

ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම

ජූලි 11 නැගෙනහිර ත්රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම

සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම

දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම

දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්රදේශය මුදා ගැනීම

වසර : 2008

පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම

අප්රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම

මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම

ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම

ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම

ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප්රදේශයේ බලය අත්පත් කර ගැනීම

ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම සහ විදුතලාතිව් මුහුදු කොටි කදවුර අත්පත්කර ගැනීම

ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම

අගෝ 02 මුළු මන්නාරම දිස්ත්රික්කයේම බලය තහවුරු කර ගැනීම

අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම

අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම

අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම

සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම

සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්රදේශය මුදා ගැනීම

ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්රදේශය මුදා ගැනීම

ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම

නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම

නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම

දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම

දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම

දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම

දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම

දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්රදේශය මුදා ගැනීම

දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම

දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම

වසර : 2009

ජන 01 ඉරනමඩු ප්රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම

ජන 01 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම

ජන 02 ප්‍රභාකරන්ගේ සිහින ඊළමේ අග නගරය වූ කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම

ජන 09 අලිමංකඩ ප්රදේශයේ බලය තහවුරු කර ගැනීම

ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම

ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම

ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම

ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම

පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම

පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම

මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම

අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්රදේශයේ බලය තහවුරු කර ගැනීම

අප්‍රේල් 04 සිව්වන ඊලාම් යුද්ධයේ හැරවුම් ලක්ෂය වූ ආනන්දපුරම් මහ සටන ජයග්‍රාහීව අවසන් කිරීම.

අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම

මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම

ලොව විශාලතම ප්‍රාන ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම

මැයි 17- ලොව විශාලතම ප්‍රාන ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම අවසන් කිරීම.

මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය

රට හා ජාතිය වෙනුවෙන් එක් අතකින් පතුරම් පිරුණු තුවක්කුවත්, අනෙක් අතින් මානව හිමිකම් හා Rule of Engagement පොතත්, හදවතේ දයාව ආදරය කරුණාවත් පුරවාගෙන සටන්කළ වීර සෙබළුන්, යුධ හමුදා විරුවන්23962,නාවික හමුදා විරුවන් 1160, ගුවන් හමුදා විරුවන් 443, පොලිස් විරුවන් 2568,සිවිල් ආරක්ෂක විරුවන් 456 රට වෙනුවෙන් දිවිපුදා 14000 ආබාධිත වී රැකගත් විජයග්‍රහණයට දොලොස් වසරකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button