BREAKING NEWSEXCLUSIVE

බිරිඳට මෝටර් රථයක් මිල දී ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සහ කේරළ ගංජා කිලෝ 6ක් සමඟ සීදුව ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය වාර්තා කරයි.

ඉන් එක් අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෝදර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගණිත ගුරුවරයෙකි. සිය බිරිඳට සූඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීමට තමන් මෙම ජාවාරම සිදුකළ බව මූලික විමර්ශනවලදී ඔහු විසින් ප්‍රකාශ කර තිබේ. ඔහුගේ ලැබුණු තොරතුරු මත අදාළ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෛනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි.එහිදී, තරාදි 3ක් සහ ජංගම දුරකථන 4ක්ද ඔහු සන්තකයේ තිබියදී සොයා ගෙන තිබේ. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button