කොවිඩ් සුනාමියක් ලග ලගම- WHO අනතුරු අඟවයි.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද දෙකම පැතිරීම නිසාවෙන් කොවිඩ් 19 රෝගීන්ගේ සුනාමියක් නිර්මාණය කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
අමෙරිකාව, යුරෝපය ඇතුළු රටවල් රැසක කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනෝම් මෙම අනතුරු ඇඟවීම සිදුකළා.
ඔහු පවසන්නේ මෙය සෞඛ්‍ය සේවා පද්ධති කෙරෙහි වැඩි පීඩනයක් ඇති කළ හැකි බවයි.
ගතවූ පැය 24 ක කාලය තුළ යුරෝපයේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දැක්වුණේ දෙලක්ෂ අටදහසක් ලෙසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ඩෙන්මාර්කය, පෘතුගාලය, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව යන රටවලින් ද වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ “මෙම නිවුන් තර්ජනය (ඩෙල්ටා ඔමික්‍රොන් ප්‍රභේද) ඉතා ඉක්මනින් පැතිරෙන බැවින් වාර්තාගත සංඛ්‍යාවකට ආසාදිතයන් ඉහළ යන බවත්, එය නැවත රෝහල්ගතවීම් සහ මරණ ඉහළ යාමට හේතු වන බවත්ය ”