BREAKING NEWSEXCLUSIVE

සිරසේ තවත් නාට්‍යයක ඇත්ත එළියට – සිංහරාජය කපන කතාවේ ඇත්ත හෙළිවෙයි

සිරස මාධ්‍ය ජාලය මෙරට වත්මන් විපක්ෂය සතු ප්‍රබලතම මාධ්‍ය ජාලයයි. කිලී මහාරාජාට අයත් සිරස මාධ්‍ය ජාලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දැඩිව පෙනී සිටිනා මාධ්‍යයකි.

ඊයේ (13) සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් සිංහරාජ වනාන්තරයේ සිදුවන වන විනාශයක් පිළිබඳව සිදු කළ කතාවක් කතාබහට ලක්වුණි.

කෙසේ වෙතත් එම ආන්දෝලනාත්මක ඉඩම සිංහරාජ භූමියට අයත් ඉඩමක් නොවන බවත්, පුද්ගලික ඉඩමක් බවත් මේ වනවිට හෙළිව තිබේ.

සිංහරාජ මායිමෙන් කිලෝමීටර් 13ක් දුරින් පවතින මෙම පුද්ගලික ඉඩමට වසර හැත්තෑවක් පැරණි සින්නක්කර ඔප්පු පවතින අතර එම ඔප්පුව පහත දැක්වේ.

තවද මෙම වැඩසටහනට පැමිණි තරුණිය ජීවත් වන්නේ අදාල ඉඩමට අසල්වැසි බිම්කොටසක බවත් මේ වනවිට හෙළිව පවති.

මේ පිළිබඳව රත්නපුර දිස්ත්‍රික් අඩවි වන නිළධාරියා පැවසූවේ

“සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ..

සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.
මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ..

ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම.. මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි,

අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ..” යනුවෙනි.

කෙසේ වෙතත් ඒත් සමගම අදාල වන විනාශය පිළිබඳ සිරස ෆේස්බුක් පිටුවේ පළකළ වීඩියෝවද ඉවත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button