BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

වික්‍රමසිංහ රජය ඉන්දියාවට පැවරූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 85ක් යළි ශ්‍රී ලංකාව සතු වෙයි.

ඉන්දියාව සතුව තිබූ තෙල් ටැංකි 99න් 85ක් අද සිට ශ්‍රී ලංකාව සතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලා.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ.

ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය.

එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි.

ඒ අවස්ථාවේ අගමැතිවරයා එවැනි ගිවිසුමකට අත්සන් තැබීමේ අවශ්‍යතාව නොතිබුණ බව පවසන ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අසෝක රන්වල, එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ පිළිබඳව සිය විරෝධය ලිඛිතවම දන්වා තිබෙන බව ද වාර්තා විය.

එමෙන්ම අදාළ ගිවිසුම බලාත්මක වූයේ අත්සන් තැබීමෙන් මාස හයකට පසුව වූ අතර,ඉන්දීය සමාගම මෙතෙක් එම ටැංකි භුක්ති විඳ තිබෙන බැවින් ගිවිසුමේ කාලය අවසාන වනතුරු ඉන්දීය සමාගම දිගටම එම ටැංකි භාවිත කිරීම පිළිබඳව සිය විරෝධයක් නොමැති බව පසුගිය ආණ්ඩු සමයේ අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහගේ මතය විය.

එවකට පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14 ක් පමණි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button