BREAKING NEWSEXCLUSIVE

සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවත් කෙරේ…

දෙදහස ඉක්මවා දෛනික ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනතුරු අඟවනවා.

මේ අතර, හෙට අලුයම හතරට දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, පළාත් අතර සංචරණය තවදුරටත්  තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රී 10 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවූ අතර, හෙට අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද බස් රථ හා දුම්රිය ධාවනය තවදුරටත්  පළාත් තුළ පමණක් සිදුකරන බව  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button