BREAKING NEWSEXCLUSIVE

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළද පළාත් අතර සංචරණය තහනම්…

හෙට සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළද පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

හෙට දිනයේ (01) දී නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් තවමත් රට තුල ආසාදිතයින් හමුවන බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියා.

එමෙන්ම පනවනු ලබන අනෙකුත් සීමාවන් පිළිබඳව අද (30) දිනය තුළ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි යුධ හමුදාපතිවරයා මේ බව කියාසිටියේ.

එමෙන්ම නිරෝධානය ඇඳිරි නීතීය ඉවත් කළ ද , සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් සේවා ද පළාත් තුළ පමණක් ධාවනයට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, පොදු ප්‍රවාහන සේවාවල රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවට සරිලන මගීන් පිරිසක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button