BREAKING NEWSEXCLUSIVE

කෙලවරක් නැති දුම්රිය නාඩගම්.. දුම්රිය ස්ථානාධිපතිවරු යලි වර්ජනයේ

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් සිට රාජකාරීවලින් ඉවත්වී තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට රාජකාරිවලින් ඉවත් වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button