BREAKING NEWS

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ – අත්‍යවශ්‍ය සේවාවක් වර්ජනය කළ පසු සිදුවන්නේ කුමක්ද ?

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ නිකුත් කෙරුණා.

මේ අනුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්ද කැදවා තිබෙනවා. ඒ, මෙම වර්ජනය ඉදිරියටත් කි‍්‍රයාත්මක කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහායි.

යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එම සේවකයින් සාධාරණ හේතුවක් නොමැතිව සේවයට වාර්තා නොකළහොත් නීතියට අනුව ඔවුන් සේවය හැරගියා සේ සළකන බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කරනවා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලට එරෙහිව මගී ජනතාවටද ඒ සම්බන්ධයෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ කළේ යැයි පවසමින් අධිකරණයේ නඩු පැවරිය හැකි බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button