BREAKING NEWSEXCLUSIVE

සංචාරකයින්ට හිරිහැරයක් වූ කටුනායක ගුවන් තොටුපළේ සංචාරක කුලී රථ සේවාව ජනපති අණින් විධිමත් කෙරේ

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංචාරකයින්ට සිදුවන අකටයුතුකම් මැඬලීමේ අරමුණින් සංචාරක කුලී රථ සේවාව විධිමත් කිරීමට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ගුවන් තොටුපළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන්.

එහිදී සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් ලියාපදිංචි කර ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ සහතිකයක් ලබාදීමට ද අවදානය යොමුව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button