BREAKING NEWSEXCLUSIVE
අමාත්‍ය උදය ගම්මන්පිල ගත් දැඩි තීරණය

මින් ඉදිරියට ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සපයන්නේ මුදල් ගෙවීම් කළ හොත් පමණක් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ. බලශක්ති අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළා.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට හෝ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අද දිනයේ ද මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බවයි බලශක්ති අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා