BREAKING NEWSEXCLUSIVE
ඇමෙරිකානු ඉහළ පෙළේ නිලධාරිනියක් අද දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඇය හෙට දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇති. මෙම සංචාරයේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරිය, ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරවයා සහ විදේශ ලේකම්වරයා හමුවීමට නියමිතයි.අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හෙට දිනයේ විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව ඇය ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමට ද නියමිතයි.