
දිගින් දිගටම ලැබූ පරාජ වැලකින් බිඳ වැටී තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ උපදේශකයෙකු බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබේ.
ඒ සඳහා ක්‍රිකට් ආයතනය විසින් තෝරා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ටොම් මූඩීය. ටොම් මූඩි නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර එළඹෙන පෙබරවාරි මාසයේ සිට ඔහු තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවත් සඳහන්.
ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වීමට හේතුව පුහුණුකරුවන් සහ උපදේශකවරුන් යැයි නිගමනය කරමින් එම තනතුරුහි වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙසින් පියවරගෙන තිබේ.
ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තා වේ. මීකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ උපදේශකයකු ලෙස ටොම් මූඩි බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එවැනි පසුබිමකය.
මෙම පුහුණුකරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක ගනුදෙවකට අදාල පුහුණුකරුවන් දැනටමත් කැමැත්ත පළ කර තිබේ.