BREAKING NEWSEXCLUSIVE

පාස්කු ප්‍රහාරයට අදට වසර දෙකයි

2019 අප්‍රියෙල් 21 වන දින පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ පල්ලි තුනක් සහ වාණිජ අගනුවර වන කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය…
අවම වශයෙන් විදේශිකයන් 45 ක්, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 267 දෙනෙකු ජීවිතක්ශයට පත් කරමින් අවම වශයෙන් 500 ක් පමණ තුවාල සිදු කරමින් ලොවම කම්පාකල පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසර 2කී.
ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර අද උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල සීනූ නාද කෙරෙන අතර ඉන් පසු මිනිත්තු 2ක නිහඬතාවයක් පැවැත්වුනි.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබේ.

කතෝලික සභාව පවසන්නේ, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්ද මෙරට සිටින වතිකානු තානාපති රදගුරුතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවය.

එමෙන්ම මෙම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල ඊයේ පස්වරු 04.00 සිට අද මධ්‍යහ්න 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

පොලීසිය පවසන්නේ සෙසු දේවස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවය.

අද දිනය තුළ කිතුනු දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සපයන ලෙස පොලිස් මුලස්ථානය විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

තවද අද දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර කර ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button