BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුවේ පැවැත්ම තීරනය කරන අයවැය දෙවන වර කියවීමේ ඉතාම තීරණාත්මක ජන්ද විමසුම අද..!

අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුම ඉතා තීරණාත්මක එකක් බවට පත්වන ලකුණු මේ වනවිට පහළ කොට තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රිය වනවිට විපක්ෂයේ සියලුම පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින කණ්ඩායම්ද අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කොට තිබීම හේතුකොටගෙනය.

ඒ අනුව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඩලස් අලහප්පෙරුම පිල, අනුර යාපා පිල, විමල් වීරවංශ පිල ඊට විරෝධය පළ කරමින් ජන්දය භාවිත කරන බව දැනුම් දී තිබේ.

දැනට ඇති පාර්ලිමේන්තු සංයුතියට අනුව ආණ්ඩුවට ඇත්තේ ආසන 116ක බහුතරයකි. විපක්ෂයට මන්ත්‍රීවරුන් 108ක ප්‍රමාණයක් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව යම් හෙයකින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවහොත් අයවැය පරාජයට පත්වීමේ අවදානමක් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button