BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

යළිත් සංචරණ සීමා පනවනවාද නැද්ද යන තීරණය අද සවස

රට තුළ යළි කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි. මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති.

අත්‍යවශ්‍ය අවස්ථා සදහා රටපුරා රෝහල්වල ICU ඇදන් සුදානම් කෙරෙමින් පවතින බවත්, සංචරණ සීමා පනවනවාද නැද්ද යන තීරණය අද පස්වරුවේ ලබාදිය හැකි බවත් වෛද්‍ය අනුර හම්දානි මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට IDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේවනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශපවසන අතර, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 08 පිරී පවතින බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එමරෝහලට තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිංහල අලූත් අවුරුද්දෙන් පසුව එම රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button