BREAKING NEWSEXCLUSIVEPOLITICS

චීනයට එරෙහිව දෙමළ සන්ධානය කඳවුරු බදියි..!

චීන තානාපතිවරයා විසින් පසුගිය දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන ලද සංචාරයන්ට ‌එරෙහිව දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළකිරීමට කටයුතු කොට තිබේ.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ ලංකාව යනු ඉන්දියන් සාගරයේ පිහිටි රටක් බවත්, චීන සාගර කලාපයේ පිහිටි රටක් නොවන බවයි.

මේ ආකාරයට උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිගත නොහැකි බවද සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඉන්දියාවද චීනයේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් පසුවන බවත් සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button