BREAKING NEWSEXCLUSIVE

“ඒකීය රටක් එපා, ෆෙඩරල් රාජ්‍යයක් ඕනේ” ජනපතිවරණයට සහය දෙන්න දෙමළ සන්ධානයෙන් ඉල්ලීම් රැසක්.!

මෙවර ජනපතිවරණයට සහය ලබා දීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ජනපති අපේක්ෂකයන්ගෙන් විශේෂ ඉල්ලීම් රැසක් ඉල්ලා තිබේ.

ඒ අතර ප්‍රධාන ඉල්ලීම වන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරමින් ෆෙඩරල් රාජ්‍යයක් නම් කිරීම‍යි. ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය අහෝසි කළ යුතු බවටද ඔවුන් විසින් ඉල්ලා තිබේ.

ඔවුන් විසින් ඊයේ දින මෙම ඉල්ලීම් රැගත් ගිවිසුමක් අත්සන් කළ අතර ඒ සදහා දෙමළ ජාතික සංධානයේ ප්‍රමුඛ නායකයන් සියලු දෙනාම සහභාගී වුනා. ඒ අතර එම්. ඒ සුමන්තිරන් වැනි දෙමළ ජාතික සංධානයේ ප්‍රබලයන්ද වූවා.

ඊයේ දින ලේඛනගත කළ ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම් කිහිපයක් පහතින්,

1) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම

2) අවසන් යුද්ධයේදි සිදුවූවා යැයි කියන යුධ අපරාද පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කොට වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම.

3) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම

4) යුද්ධයේදි අත්අඩංගුවට ගත් හිටපු කොටි ක්‍රියාකාරීන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම

5) උතුරු, නැගෙනහිර ජීවත් වන සියලූම ජනතාව උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඉවත් කිරීම

7) දෙමළ ජනතාවගේ නිජභූමී වහාම නිදහස් කිරීම

මෙම ඉල්ලීම් වලට එකග වෙන ජනපති අපේක්ෂකයෙකුට පමණක් දෙමළ ජාතික සංධානය ජනපතිවරණයේදි සිය සහය ලබා දෙන බවට ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button