BREAKING NEWSPOLITICS

සහරාන්ගේ මාමණ්ඩිය ඇතුළු තිදෙනෙක් කුලියාපිටියේදී අත්අඩංගුවට

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (22) කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40, 52ක් හා 55ක් වන බව ද වාර්තා වේ.

සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button