BREAKING NEWSEXCLUSIVE

බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මන්ත්‍රිවරයාගේ බිරිඳ වන අයේෂා බදියුදීන් බොරැල්ල පොලිසියට ඊයේ (22) සවස කැඳවා තිබුණා.

මේ අනුව සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව ඇතුළු ඥාතීන්​ගේ ප්‍රකාශනයන් සහ රිෂාඩ් බදියුදීන්ගෙන් බිරිඳ මීට ඉහතදී ලබාදුන් ප්‍රකාශ එකිනෙක පරස්පරවීම හේතුවෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුණි.

ඒ අනුව බොරැල්ල පොලිසියට ඇය ඊයේ පස්වරුවේ පැමිණියාය.

මේ අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවය කළ තවත් සේවිකාවන් දෙදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම දෙදෙනා දැනට වයස අවුරුදු 21 හා 32 වයස්වල අය වන අතර මියගිය දැරිය සේවයට රැගෙන ඒමට පෙර එම නිවසේ සේවය කර ඇති බව පොලිසිය පවසනවා.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ ඒකකය හා ළමා හා කාන්තා කාර්යාංශයත් බොරැල්ල පොලිසියත් බෞද්ධාලෝක මාවතේ නිවසේදී ගිනිගෙන මියගිය දැරියගේ මරණයට හේතු සොයා කරන විමර්ශනයේදී හිටපු මෙහෙකාරියන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.

ඩයගම පිහිටි මියගිය දැරියගේ ගමට ගොස් මව, සුළු පියා, සහෝදර සහෝදරියන්ගෙන්ද පෙරේදා (21) ප්‍රකාශ ලබා ගැනීමට කොළඹින් ගිය පොලිස් කණ්ඩායම් කටයුතු කළහ.

මෙම දැරියගේ මරණ පරීක්ෂණය ලබන 28දා පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා රජයේ නීතිඥවරු කණ්ඩායමක් පත්කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button