BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

අරාබි රටවල් තුනක් මට බලය ගත්ත ගමන් තෙල් දෙන්නම් කියුවා. – සජිත් ප්‍රේමදාස

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාට මැදපෙරදිග රටවල් තුනකින් ලබා දෙන බවට පොරොන්දු වූ ඉන්ධන ගෙන්වන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඔහුගෙන් ඉල්ලීමක් කලා.

එසේ කරන්නේ නම් මේ මොහොතේ ජනතාව විපක්ෂ නායකවරයාට විශාල ගෞරවයක් දක්වනු ඇතැයි ද හෙතෙම පවසා සිටියා.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ එම රටවල් ගණුදෙනු කිරීමට කැමති තම ආණ්ඩුවක් සමග බවත් ජාතිවාදය වපුරන ආණ්ඩුවක් සමග ගණුදෙනු කරන්නට එම රටවල් කැමති නැති බවටයි.

රාජතාන්ත්‍රික ගනුදෙනු සිද්ධවන්නේ රජයක් සහ රජයක් අතර බවත් එසේ නැතුව රජයක් සහ විපක්ෂයක් අතර නොවන බවත් ඔහු පවසනවා. විවාදයක් අතරතුර ඔවුන් අතර මෙම අදහස් හුවමාරුව ඇති විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button