BREAKING NEWSEXCLUSIVEPOLITICS

පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහස් ගනනක් තවත් දින දහයකින් මෙරටට..!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන නැව්ගත කිරීම් දෙකක් සඳහා අර්ධ ගෙවීම් කර ඇති බවත්, ඒවා දින 10 ක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ගවලට අනුව, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 31,000ක් රැගෙන යන නැව්ගත කිරීම් දෙකෙන් එකක් මේ සතිය අවසන් වන විට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන ඉදිරි දින 10 ඇතුළත කොළඹ වරායට පැමිණීමට නියමිත අතර,විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා තොග දෙකටම කොටස් ලෙස මුදල් ගෙවීම් කර ඇති බව තහවුරු කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දළ වශයෙන් පෙට්‍රල් මෙ.ටොන් 3,000 ක් සහ ඩීසල් මෙ.ටොන් 4,000.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button