BREAKING NEWSEXCLUSIVE

මසක් ඇතුලත මත්ද්‍රව්‍ය භාවිතා කර තිබුනහොත් බර වාහන රියදුරු බලපත්‍රයට නුසුදුසුයි – පරීක්ෂනය අරඹයි

බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අදාල පුද්ගලයා මාසයක් ඇතුලත මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැනට වසා දමා තිබෙනවා.එම කාර්යාල විවෘත වූ පසු මෙම නව වැඩපිළිවල ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැලැක්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button