BREAKING NEWSEXCLUSIVE

රට ආරක්ෂා කරන්න ආපු අයම රට විනාශ කරනවා. රටේ ගෞරවය කෙලෙසන්න එපා – කාදිනල්හිමි කියයි.

මේ රට ආරක්ෂා කිරීමට භාරගත් කණ්ඩායම රට විනාශ කරන මාවතට ගමන් කරමින් සිටින බව අගරුදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කර සිටියහ.

එබැවින්, කරුණාකර මේ ගමන නවතා දමන ලෙසත්, දියුණුව යනු රටේ ඇති සම්පත් විකුණා දැමීම නොවන බවත් උන්වහන්සේ සදහන් කර සිටියේය.

විවිධ රටවල්වලට රට පූජා කිරීමට කටයුතු නොකරන ලෙසත්, එය සම්පූර්ණයෙන්ම රටේ ගෞරවය කෙලෙසීමක් බවත් උන්වහන්සේ කීහ.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් පවතින බව හිටපු නීතිපතිවරයා ප්‍රකාශ කළ බවත්, එසේනම් අලුත් නීතිපතිවරයා විසින් එය සෙවිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

එමෙන්ම ආණ්ඩුව පාස්කු ප්‍රහාර වාර්තා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා කමිටුවක් පත්කළේම එක රටක් එක නීතියක් බිද දමා ඔයගොල්ලන්ට එක නීතියක්, අපිට එක නීතියක් බව රටට පෙන්වීමට යැයිද උන්වහන්සේ කීහ.

හිටපු ජනාධිපතිවරයා, හිටපු බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස වාර්තාවෙන් කියා තිබුණත් එය සිදු නොවන බවද උන්වහන්සේ කීහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button