අපේ හාමුදුරුවන්නේ මේ රට ආහාර වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ – මෛත්‍රීපාල සිරිසේන

ජාතික ආණ්ඩුවක් සඳහා හෝ ආණ්ඩු පෙරළියක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නොවන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි..
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,
“එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා උපවාස කෙරුවා..රටේ රාජ්‍ය නායකයා ගිහිල්ලා ඒ අයට තැඹිලි පෙවිවා..නවනීධන් පිල්ලේ ලංකාවට ආපු වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා එයාව කාසාද බැඳගන්න තියෙනවා නම් හොඳයි කියලා.. ජාත්‍යන්තරයෙන් අපි සම්පූර්ණයෙන් ඉවත් වුණා..
මම ජනාධිපතිධුරයට පත් වෙලා කරපු පළමු දේ තමයි ජත්යාන්තරයේ හිත් දිනාගැනීම..
2019 වර්තමාන නායකයින්ට මම ආණ්ඩුව භාර දෙන විට අපේ හාමුදුරුවන්නේ මේ රට ආහාර වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ.. ඒක අමතක කරන්න එපා..
හෙට අනිද්දා නොයෙකුත් ආරංචි තියෙනවා ජාතික ආණ්ඩු හදන්න..ඒවාට අපි සම්බන්ධ වන පිරිසක් නෙමෙයි..”