BREAKING NEWSEXCLUSIVE

දේශපාලන පත්වීමක්ද ? ගුවන් සේවා සමාගමට උපදෙස් දෙන්න පත් කළ තිලක් වීරසිංහ – ඩියෙඩ්‍රි ලිවේරාගේ සුදුසුකම් මෙන්න

ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්විය.

ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය.

තිලක් වීරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විවාහ වූ ලිමිනි වීරසිංහගේ පියා වූ අතර, ඩියේඩ්‍රි ද ලිවේරා රෝහිත රාජපක්ෂ විවාහ වූ ටටියානා ජයරත්නගේ මව වීම මත විවේචනයට ලක් වුනා.

කෙසේ වෙතත්  මෙම දෙදෙනාම පත් කොට ඇත්තේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ තනතුරු වලටය. ඒ සැලසුම්කරණයේදි උපදේශාත්මක සේවයක් සිදු කිරීමටය. මෙම විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ට වැටුපක් නොගෙවන අතර රුපියල් දස දහසක (10,000/=) ඉන්ධන දීමනාවක් පමණක් ගෙවයි.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාවසායකයෙක් වන තිලක් වීරසිංහ මහතා සංචාරක හෝටල් ජාලයක හිමිකරුවෙක්ද වේ. ඒ මහතා සංචාරක ක්ෂේත්‍රයේ රජයේ උපදේශන කමිටු වල තනතුරු හෙබවු ප්‍රථම අවස්තාව මෙය නොවේ.

පසුගිය එජාප රජය විසින් 2017 වසරේදි, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීම උදෙසා විද්වත් කමිටුවක් පත් කළේය. තිලක් වීරසිංහ එම කමිටුවේද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

එලෙස සංචාරක ක්ෂේත්‍රයේ පරිනත, අත්දැකීම් බහුල ව්‍යවසාකයෙක් වන තිලක් වීරසිංහගේ උපදේශාත්මක සේවය ලබා ගැනීමට නව රජය කටයුතු කර ඇත්තේ එවැනි පසුබිමකය.

ඩියඩ්‍රි ද ලිවේරා ගුවන් තොටුපොළ පරිපාලනය පිළිබඳ වැඩිම අත්දැකීම් හා පළපුරුද්ද හිමි ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවයි. ඇය මින්පෙර බොහෝ ගුවන් සමාගම් වල කළමණාකරණ සහ අධ්‍යක්ෂක තනතුරු ද‍රා තිබේ.

Exel holdings ආයතනයේ අධ්‍යක්ෂක වශයෙන්ද Jetwing Air සමාගමේ කළමණාකාරිණිය ලෙසද ඇය 1990 දශකයේ පටන් කටයුතු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button