BREAKING NEWSEXCLUSIVEPOLITICS
හරියට කරගන්න පුළුවන්නම් එක් දූර කාලයක් ඇති – ජනපති ගෝඨාභය

කිසිඳු බාධාවකින් තොරව රට සංවර්ධනය කරා ගෙන යා හැකිනම් තමන්ට එක් ධුර කාලයක් ප්‍රමාණවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ව්‍යවස්ථාවට අනුව වැඩ කිරීමේදී බාධා මතුවන බවයි.
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් සමග අද (05) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. එබැවින් මෙම බාධා ඉවත් කිරීම සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මේ ආකාරයේ ගැටළු සහගත ව්‍යවස්ථාවක් සකස් කර ඇත්තේ ඇයිදැයි තමන් නොදන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.