BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

“PCR වාර්තා වෙනස් කරන්න කිසිම බලපෑමක් නෑ” – රවි කුමුදේශ්

PCR රාසායාගාර වාර්තා වෙනස් කොට නිකුත් කිරීමට කිසිදු බලපෑමක් නැති බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රවී කුමුදේශ් මහතා පවසනවා.

රජය මගින් කොවිඩ්19 තත්වය පිලිබද ලබාදෙන තොරතුරු වල සත්‍ය අසත්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ,
රජයේ රෝහල්, පරීක්ෂණ රසායනාගාර වල දේශපාලන අධිකාරියක් හෝ වෙනත් පාර්ශවයකට මැදිහත් වී බලපෑම් කර අවශ්‍ය පරිදි නිල වශයෙන් වාර්තා ලබා ගැනීමට කිසිවෙකු නොහැකි බව තමන්ට 100%ක් තහවුරු කල හැකි බවත් පෞද්ගලික රෝහල් වලත් රජයට අවශ්‍ය පරිදි පරීක්ෂණ වාර්තා වෙනස් කරගත හැකි තත්වයක් ඇති බව තමන් විශ්වාස නොකරන බවත් ය.

මාද්‍ය හරහා ප්‍රචාරය වන කරුණු දින දෙකකට පමණ පෙර තොරතුරු වීම හේතුවෙන් මෙම ගැටලුකාරි තත්වය ඇති වී තිබිය හැකි බවත් මේ දක්වා පරීක්ෂණ වාර්තා වෙනස් කිරීමට කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවූ බවත් ආන්ඩුවට එවැනි අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button