BREAKING NEWSEXCLUSIVE

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කරයි .

කොළඹ වරායට ආසන්න මුහුදේදී පසුගිය දා ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කිරීමට චීන සමාගමක් ඇතුළු සමාගම් 4ක් ඉදිරිපත් වී ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.එම අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ එම නෞකාව අයත් සිංගප්පූරු සමාගම විසින් අදාළ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කැඳවා තිබු ටෙන්ඩරයකට අනුව මෙම සමාගම් 4 තෝරාගෙන ඇති බවයි.ඒ අනුව ප්‍රථම අධියර යටතේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තත්ව පරීක්ෂාවක් සඳහා චීනයේ ෂැන්හායි නාවික කණ්ඩායමක් මේ මස මෙරටට පැමිණීමට නියමිතව ඇත.එහිදී නෞකාව මුහුදුබත් වූ ස්ථානයේ මුහුදු පත්ල සහ ඒ ආසන්නයේ ගිලි ඇති කන්ටේනර් බහලුම් පිළිබඳව පරීක්ෂාවක් සිදු කෙරෙන බව ලහඳපුර මහත්මිය සඳහන් කරයි.එම නිරීක්ෂණ වාර්තාවන්ට අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කිරීමට තෝරාගත් සමාගම් කටයුතු කරනු ඇත.කලින් මෙම නෞකාව ඇදගෙන යාමට සැලසුම් කර තිබුණත් එම කාර්ය සිදු කිරීමට නොහැකි තත්වයක් මතුවීම නිසා මෙලෙස කොටස් කිරීම කෙරහි අවධානය යොමු වී තිබේ.නැව මුහුදුබත් වූ ස්ථානයේ කන්ටේනර් බහලුම් 400කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට අනුමාන කරන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.පසුගිය මැයි 20වැනි දින කොළඹ වරාය නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව බහාලුම් 1486ක් ද සමග ගිනි ගැනීමට ලක්විය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button