BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
අමරිකාව අවුරුදු 5න් ඉහළ ළමුන්ටත් ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කරයි

අමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් ලබන මස අවසානයේ සිට අවුරුදු 5 – 11 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේ දරුවන්ට එන්නත ලබා දීමට අවසර ගැනීම සඳහා අදාල තොරතුරු මේ මස අවසානයේ අමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය වෙත යැවීමට නියමිතයි.
ඒ අනුව සති 3ක ඇගයීමකින් පසුව මෙසේ අවුරුදු 5 – 11 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබා දීම පිලිබඳ තීන්දුව දැනුම් දීමට නියමිතයි.
මෙලෙස තීරණය කිරීමට හේතුව එරට පාසල් පටන් ගැනීම හා ඩෙල්ටා ප්‍රබේදය යලි පැතිරීමයි.