BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ගුරු වර්ජනය අවසන්. – වැටුප් වැඩි කිරීම අදියර කිහිපයකින්..

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා රජය ලබාදෙන විසඳුම පිළිබඳව මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කෙරිණ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, වර්ජනය නතර කිරීමට වෘත්තීය සංගම් නියෝජිතයින් මෙහිදී එකඟ වූ බවයි.

ගුරු වෘත්තීය සමිති, සිය වැටුප් ගැටලුව විසඳීම සඳහා රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් හෙට දිනයේ රැස් වී සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන බවයි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, අද සාකච්ඡා වූ කරුණූ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල ඉදිරිය පිළිබඳව හෙට දවසේ තීරණයකට එළැඹෙන බවයි.

මෙහිදී මහින්ද මහින්ද ජයසිංහ /ජෝසප් ස්ටාලින්
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් මෙසේ සටහනක් තබා තිබුනා.

යෝජිත වැටුප අදියර දෙකකින් ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශයට පත්කලා.

වෘත්තීය සමිති විසින් එක අදියරකින් යෝජිත වැටුප ලබාදෙන ලෙස දිගින් දිගටම ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදි.

ආණ්ඩුව එය අදියර තුනකින් දෙන බවට ප්‍රකාශ කල අතර එබැවින් සාකච්ඡා දිගින් දිගටම ඇදීගිය අතර අවසානයේ ආණ්ඩුවේ තීරණය ලෙස අදියර දෙකකින් එය ලබාදෙන බවට ප්‍රකාශ කරන ලදි.

2022 පළමු අදියර ලෙස යෝජිත වැටුපෙන් තුනෙන් එකක්ද,

2023 දෙවන අදියරයේ දී ඉතිරි තුනෙන් දෙක ද ලබාදෙන බවටත් ප්‍රකාශ කරන ලදි .

මෙම යෝජනාව සම්බන්ධවත්,වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳවත් හෙට දිනයේ දී(13) වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කිරීමට නියමිතය .

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button