BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWS

ජලාලාබාද් සහ කාබුල් අගනුවර හැර මුළු ඇෆ්ගනිස්තානයේම බලය තලෙයිබාන් යටතට..

මසාර් යී ෂරීෆ් නගරය ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ අතින් බිද වැටී තිබෙනවා. ඒ අනුව තලේබානුවන්ට ඇෆ්ගනිස්ථානයම පාලනයට නතු කර ගැනීමට  ඇත්තේ තවත් නගර 2ක් පමණයි.

තලේබාන් සටන්කාමීන්ට සිය පාලනයට නතුකර ගැනීමට ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පෙළේ නගරයන්ගෙන් ඉතිරිව ඇත්තේ 2 පමණයි. ඒ කාබුල් සහ ජලාලාබාද් නගරයන්ය.

තලේබාන් සටන්කාමීන් විසින් උතුරු දිග ඇෆ්ගනිස්තානයේ විශාලතම නගරය නැතිනම් ඇෆ්ගනිස්තානයේ සිව්වැනියට විශාලතම නගරය වන මසාර් යි ෂරීෆ් නගරයේ බලය දැන් අල්ලාගනු ලැබුවා.

මසාර් යි ෂරීෆ් නගරයේ සිටි ඇෆ්ගනිස්තානයේ හමුදා උස්බෙකිස්තානු දේශසීමා වෙතට පසුබැස තිබෙනවා.

කෙසේවෙතත් මසාර් යි ෂරිෆ් ජාත්‍යන්තර ගුවන්තොටුපළද තලේබාන් යටතට ගැනීමත් සමග ගුවන්තොටුපළ තිබු ඇෆ්ගනිස්තාන ගුවන්හමුදාවට අයත් Mi-17s, BlackHawks, MD-530Fs, Cessna 208s & A-29 Tucanos ගුවන්යානා තලේබාන් යටතට පත්වීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

2001 වසරේ එක්සත් ජනපද හමුදාව විසින් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය යටතෙන් මුදවාගනු ලැබු පළමු නගරය මසාර් යී ෂරීෆ් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button