BREAKING NEWSEXCLUSIVE

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද අධිකරණයට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව පොලීසිය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

පළපුරුදු හා විශේෂඥ දැනුම ඇති ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන්, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලීසිය එක්ව කණ්ඩායම් කිහිපයක් යොදවා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර මෙම විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ද අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ රිශාඩ් බදුර්දීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි, දැනට 22 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button