BREAKING NEWSPOLITICS

පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන තමන්ගේ මිනිහෙක් ගැන සජිත් කියපු කතාව

හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සංවිධානය කල ජනහමුවක් ඊයේ සවස පැවැත්වුනා. ඒ හෝමාගම නගරයේදී.

මෙහිදී පාක්ෂිකයින් ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ පක්ෂයක් ලෙසින් පාක්ෂිකයින්ද ආරක්ෂා කරමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවයි.

එමෙන්ම රට ගොඩ නැඟීමේ වැඩ පිලිවෙල වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුත්තේ උගත් බුද්ධිමත් තරුණයින් බවයි ඔහු එහිදී කියා සිටියේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාව ලෙස සිටි සමයේදී එරන්ද වැලිඅංගේ මහතා සිදු කල කාර්‍ය පිලිබඳව පක්ෂ විපක්ෂ බොහෝ දෙනා අදටද කතා කරන බව සිහිපත් කල සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේ තමා වෙනුවෙන් ,තමාගේ වැඩ පිලිවෙලවට සහායක් ලෙසින් එරන්ද වැලිඅංගේ මහතාව මෙවර පාර්ලිමේන්තුවට එවන ලෙසයි.

ඔහු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක් බවයි ඔහු එහිදී අනාවරණය කලේ.

හෝමාගමට ,කොළඹට මෙන්ම බස්නාහිර පලාතට නව ගමනක් අවශ්‍ය වී ඇතැයිද ඔහු මෙහිදී කියා සිටියා. හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සහ ප්‍රදේශයේ තවත් මහජන නියෝජිතයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button